Wednesday, October 3, 2012

දගකාර සිතැත්ති: ~~හෙමන්තය~~

දගකාර සිතැත්ති: ~~හෙමන්තය~~: වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්  ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන් නටන්නේ පිපී දැන් හේමන්තයේ දී ...

~~හෙමන්තය~~



වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් 
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

විලාපෙන් විඩා වී ‍රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙත් දී අයාලේ
ඔබෙන් නෙතු ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ

- නන්දා මාලිනී
මන් හිතන්නෙ ජිවිතෙ ගැන කාටවත් විස්තර කරගන්න බැරිඋන  දෙයක් මෙ සින්දුවෙන්  කියවෙනව                                                                                     

                                                              ලිවුවෙ -දගකාරි

Monday, September 3, 2012

~`ඔයා නිසා`~

ඔයාව මං ඉස්සෙල්ලම දැක්කෙ අපෙ ක්ලාස් එකේදි.එදා යන්තමට ඹයාගේ මුනෙ ඇදුන ඒ හිනාව මාව සසල කළා.ඔයා ගැන හීන මවනවා දැකලා යාලුවො මට ඔයාගෙ නම කියලා විහිලු කලා කියලා ඔයා දන්නෙ නෑ.මං ඒ විහිලු වලට අකමැත්තක් පෙන්නුවට මං ඒ ගැන හිත යටින් කැමති උනා.
ඔයාට හිටියා මහ කට හැකර යාලුවෙක් මට පේන්න බෑ ඒත් ඔයා එ යා එක්ක එක එක එවා මං ගැන කියනවා කියලා මට තේරුනා.මං ඔයා දිහා බලන හැම වෙලේම ඔයාට වඩා මං දිහා බැලුවෙ ඔයාගෙ යාලුවා. . . . . . . . . . මං එක ගනන් ගත්තෙ නෑ.ඒ එයා ඔයා ගෙ යාලුවා නිසා . . . . . . . . . . . .....  . . . .  . . . . . .  . . . . . .  . . . . . .  . . . .  . . . . . .  . .  
                                                      ඔයා බුකියෙ ඉන්නවා කියල මට යාලුවෙක් කියපු දවසෙ මං ඉක්මනට බුකියෙ ඉඩක් හදා ගත්තෙ ඔයාට තවත් ලන් වෙන්න හිතං. . . ඒත් එතකොටයි දැක්කෙ ඔයා ට වෙන ලෝකයක් තියනවා කියලා. . . 
                            මං ඇඩුවෙ නෑ මං මටම බැන ගත්තා විතරයි.ඇයි මං එච්චර මෝඩ උනේ ඔයාගෙ ඔය ඇස් දෙක යට මට ඉඩ නෑ කියල ඇයි මං තේරුම් ගත්තෙ නැත්තෙ. . . 
                            ආයි මං ඔයා දිහා බැලුවෙ නෑ. . .ඔයාට එක දැනුනද මං දන්නෑ.මං පස්සෙයි දැන ගත්තෙ ඔයා මං දිහා බැලුවෙ යාලුවගෙ උවමනාවට කියලා. . .
                            මොකද දැන් ඔයාගෙ යාලුව අර මට පේන්න බැරි කෙනා තමයි මගෙ ජීවිතේ .        .   . .. .  . . . .  . ..  . . . .  . . . .   
මේක මගෙ යාලුවෙක්ගෙ කතාවක් හොදේ . . . . . . . .  . . . . . .
                                                     
                                                 මං දගකාරී                 
                                                              














Friday, June 22, 2012

~``ආදරෙන් හැමදාම``~



තරු දිලෙන අහසක

සද එළිය ගලන රැයක

මං ඉන්නම් ඔබ ළග‍

ආදරෙන් හැමදාම. . . . . . . .


එන්නද ඔබෙ තුරුලට

හිස හොවාන සැනසෙන්න

පුලුවනිද පවසන්න . . .  . .. . . . . .

ආදරේ වපසරිය


දිවි පුරා ලග ඉන්න

පිං කෙරැවා හැමදාම

ඔබ සමග ගැවසෙන්න 

කෙරැ පිං මදි වේද. . .. .  . . . . . . 




                                                                           ලිව්වේ-දගකාරි








Thursday, June 21, 2012

~~ස්වර්ණ හංසියේ~~

අනන්ත මල් හිනා නගන
සරා සොදුරැ විමානයෙ. . . . 
හීන් හඩින් ඉකි බිදිනා. . . 
ස්වර්ණ හංසියේ . . . . 

නපුරැ කලට දුක එනවා
දරා ගන්න බෑ . . . .
සොදුරැ සිහින බිදි වැටෙයි 
හිතාගන්න බෑ. . . . 
කාත් කවුරැවත් නැතිවි
ලොව තනිවෙනවා
කාට උනත් ඔහොම තමයි. . . 
ස්වර්ණ හංසියේ. . . . . . . .  . . . . . .  . . . .  ..  . . .  . . . . . . .  .  / / /
                                                                    
                                                                     
                                                                ලිව්වෙ-දගකාරි. .....  . . . . . .  . . 


තවත් පෝස්ටුවක්,ඔන්න ඔගොල්ලන්ට. ....  . . . . . .  . . . . .  . . . . .  . . . . . .  . . 


Tuesday, June 19, 2012

ඉපදිම

  මං දැනුයි ඉපදුනෙ . . .   හුස්ම ගන්න හදන්නෙ ටිකටික. . . . . . . . . . . . .   කාට හරි පුලුවන් නමි මට ජිවත් වෙන්න කියලා දෙන්න. . .  . .. . . .