Monday, September 3, 2012

~`ඔයා නිසා`~

ඔයාව මං ඉස්සෙල්ලම දැක්කෙ අපෙ ක්ලාස් එකේදි.එදා යන්තමට ඹයාගේ මුනෙ ඇදුන ඒ හිනාව මාව සසල කළා.ඔයා ගැන හීන මවනවා දැකලා යාලුවො මට ඔයාගෙ නම කියලා විහිලු කලා කියලා ඔයා දන්නෙ නෑ.මං ඒ විහිලු වලට අකමැත්තක් පෙන්නුවට මං ඒ ගැන හිත යටින් කැමති උනා.
ඔයාට හිටියා මහ කට හැකර යාලුවෙක් මට පේන්න බෑ ඒත් ඔයා එ යා එක්ක එක එක එවා මං ගැන කියනවා කියලා මට තේරුනා.මං ඔයා දිහා බලන හැම වෙලේම ඔයාට වඩා මං දිහා බැලුවෙ ඔයාගෙ යාලුවා. . . . . . . . . . මං එක ගනන් ගත්තෙ නෑ.ඒ එයා ඔයා ගෙ යාලුවා නිසා . . . . . . . . . . . .....  . . . .  . . . . . .  . . . . . .  . . . . . .  . . . .  . . . . . .  . .  
                                                      ඔයා බුකියෙ ඉන්නවා කියල මට යාලුවෙක් කියපු දවසෙ මං ඉක්මනට බුකියෙ ඉඩක් හදා ගත්තෙ ඔයාට තවත් ලන් වෙන්න හිතං. . . ඒත් එතකොටයි දැක්කෙ ඔයා ට වෙන ලෝකයක් තියනවා කියලා. . . 
                            මං ඇඩුවෙ නෑ මං මටම බැන ගත්තා විතරයි.ඇයි මං එච්චර මෝඩ උනේ ඔයාගෙ ඔය ඇස් දෙක යට මට ඉඩ නෑ කියල ඇයි මං තේරුම් ගත්තෙ නැත්තෙ. . . 
                            ආයි මං ඔයා දිහා බැලුවෙ නෑ. . .ඔයාට එක දැනුනද මං දන්නෑ.මං පස්සෙයි දැන ගත්තෙ ඔයා මං දිහා බැලුවෙ යාලුවගෙ උවමනාවට කියලා. . .
                            මොකද දැන් ඔයාගෙ යාලුව අර මට පේන්න බැරි කෙනා තමයි මගෙ ජීවිතේ .        .   . .. .  . . . .  . ..  . . . .  . . . .   
මේක මගෙ යාලුවෙක්ගෙ කතාවක් හොදේ . . . . . . . .  . . . . . .
                                                     
                                                 මං දගකාරී